Skip to Content

GORI 99 Extreme දොර, ජනෙල්, ගෘහභාණ්ඩ සඳහා සැටින් නිමාව

ගෝරි 99 පිටත ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ට්‍රාන්ස්ලුසන්ට් දැව ආරක්ෂණ ආලේපනයකි. දැව පෙනුම හා වයිරම ඔප් නංවා ආකර්ශණීය පෙනුමක් ලබාදෙයි. අවම VOC මට්ටම නිසා සැර ගන්ධයක් නොමැත, සෞඛ්‍යාරක්ෂාව උපරිමයි. පිටත මෙන්ම ඇතුලත ස්ථාන සඳහාද නිර්දේශිතයි.

පුස්, ඇල්ගේ ආදිය වැඩීම වලකන රසායනික අන්තර්ගතයි.


නවීනතම ගෝරි ඇක්ටිව් ප්‍රොටෙක්ශන් තාක්ෂණයෙන් (GORI Active Protection Technology) නිෂ්පාදිත නිසා ඉතා දිගුකලක් දැව ආරක්ෂා කරයි.


නිර්දේශිත යෙදවුම්: ඇතුලත හෝ පිටත ඕනෑම දැව මතුපිටක් - දොර ජනෙල් සඳහා විශේෂයෙන් නිර්දේශිතයි. EN927 තත්ත්ව සම්මතයට අනුව Stable කාණ්ඩය සඳහා යොදාගැනීමට අනුකූලයි.


නිර්දේශිත විසඳුම : 1 x GORI 11 or GORI 22, 2-3 x GORI 99


විශේෂ ගුණාංග: 

  • වෝටර්බේස්ඩ්
  • ඇතුලත හා පිටත භාවිතය සඳහා
  • ඉහළ UV ප්‍රතිරෝධී හැකියාව, හිරු එළියෙන් දිගුකාලීන ආරක්ෂාව
  • මයික්‍රෝ-පෝරස් ගුණාංගය, දැව ඉරිතැලීම අවම කරයි
  • ජල මුද්‍රික හා ජල විකර්ශක ගුණාංග සහිතයි
  • තෝරාගැනීමට වර්ණ 18ක් ඇත
  • කිසිම මිශ්‍ර කිරීමක් හෝ තනුක කිරීමක් අවශ්‍ය නැත, කෙලින්ම ආලේප කල හැක


කෑන් ප්‍රමාණ:

මි.ලි. 750

ලීටර 2.50

ලීටර 5.00


ආලේප කරන ක්‍රමය:

බුරුසු මඟින් හෝ ස්ප්‍රේ මඟින් ආලේප කල හැක.


ඔබට අවශ්‍ය සිනිඳු බව ලැබෙන සේ වැලි කඩදාසියෙන් මැද ගෝරි 99 පලමු ස්ථරය ආලේප කරන්න. පැය 2කට පසු මතුපිට ගොරෝසු බවක් ඇත්නම් පමණක් අංක 400-600 පමණ වැලිකඩදාසියකින් මඳින්න. ඉන් පසු දෙවන ස්ථරය ආලේප කරන්න.


දැව මතුපිට සැකසීම:

ඔබට අවශ්‍ය නිමාව ලැබෙන සේ වැලිකඩදාසියකින් මැද ගන්න. මතුපිට දූවිලි, ග්‍රීස්, තෙල්, පැරණි ආලේපන වැනිදේ නොමැති විය යුතුය. ගෝරි 11 හෝ 22 සෑම පැත්තකම ආලේප කල යුතුය.


වියලීමට ගතවන කාලය:

අතින් ඇල්ලීමට: මිනිත්තු 30

දෙවන ස්ථරය ආලේපයට: පැය 2


ආලේප කල හැකි ප්‍රමාණය: ලීටරයකින් වර්ග අඩි 160-180 ආවරණය වේ (එක ස්ථරයක් සඳහා )


මිලදීගත හැකි වර්ණ:


GORI 99 for Doors, Windows & Furniture