ගෝරි 91 පිටත ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදෙන වෝටර්බේස්ඩ් ඔපෑක් දැව ආරක්ෂණ ආලේපනයකි. නවීනතම සංයෝගය ඉතා හොඳින් ආලේපන මතුපිට හා බැඳෙන අතර ඉරිතැලීම් හා ගැලවීයාම් වලින් තොරයි. ළදරු ක්‍රීඩා භාණ්ඩ සඳහා භාවිතයට EN71-3 සහතිකය සහිතයි. පිටත ස්ථාන සඳහා වසර 12ක් දක්වා දිගුකල් පැවැත්මක් ලබාදේ. පිටත මෙන්ම ඇතුලත ස්ථාන සඳහාද නිර්දේශිතයි.
නිර්දේශිත යෙදවුම්: ඇතුලත හෝ පිටත ඕනෑම දැව, ඇලුමිනියම්, UPVC, ලෝහ, MDF, ප්ලයිවුඩ් මතුපිටක් සහිත දොර, ජනෙල්, ගෘහභාණ්ඩ, ළදරු ක්‍රීඩා භාණ්ඩ ආදිය
නිර්දේශිත විසඳුම : 1 x GORI 11 or GORI 22, 2-3 x GORI 91
( ළදරු නිෂ්පාදන සඳහා ගෝරි 11 හෝ 22 යෙදීමෙන් වළකින්න )
විශේෂ ගුණාංග:
වෝටර්බේස්ඩ්
ඇතුලත හා පිටත භාවිතය සඳහා
ළදරු ක්‍රීඩා භාණ්ඩ සඳහා භාවිතයට EN71-3 සහතිකය සහිතයි
ඉහළ UV ප්‍රතිරෝධී හැකියාව, හිරු එළියෙන් දිගුකාලීන ආරක්ෂාව
මයික්‍රෝ-පෝරස් ගුණාංගය, දැව ඉරිතැලීම අවම කරයි
ජල මුද්‍රික හා ජල විකර්ශක ගුණාංග සහිතයි
අවම VOC මට්ටම, කිසිම සැරක් හෝ ගන්ධයක් නොමැත
තෝරාගැනීමට වර්ණ රැසක් ඇත
කිසිම මිශ්‍ර කිරීමක් හෝ තනුක කිරීමක් අවශ්‍ය නැත, කෙලින්ම ආලේප කල හැක
කෑන් ප්‍රමාණ:
මි.ලි. 750
ලීටර 2.50
ආලේප කරන ක්‍රමය:
බුරුසු මඟින් හෝ ස්ප්‍රේ මඟින් ආලේප කල හැක.
ඔබට අවශ්‍ය සිනිඳු බව ලැබෙන සේ වැලි කඩදාසියෙන් මැද ගෝරි 91 පලමු ස්ථරය ආලේප කරන්න. පැය 12කට පසු මතුපිට ගොරෝසු බවක් ඇත්නම් පමණක් අංක 400-600 පමණ වැලිකඩදාසියකින් මඳින්න. ඉන් පසු දෙවන ස්ථරය ආලේප කරන්න.
දැව මතුපිට සැකසීම:
ඔබට අවශ්‍ය නිමාව ලැබෙන සේ වැලිකඩදාසියකින් මැද ගන්න. මතුපිට දූවිලි, ග්‍රීස්, තෙල්, පැරණි ආලේපන වැනිදේ නොමැති විය යුතුය. ගෝරි 11 හෝ 22 සෑම පැත්තකම ආලේප කල යුතුය.
වියලීමට ගතවන කාලය:
අතින් ඇල්ලීමට: මිනිත්තු 60
දෙවන ස්ථරය ආලේපයට: පැය 12
ආලේප කල හැකි ප්‍රමාණය: ලීටරයකින් වර්ග අඩි 120 ආවරණය වේ (එක ස්ථරයක් සඳහා )
මිලදීගත හැකි වර්ණ:
පහත වර්ණ හෝ ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරාගැනීමට වර්ණ රැසක් ඇත.