Skip to Content

GORI 81 ගෙබිම් ආලේපනය


ගෝරි 81 දැව ගෙබිම සඳහා විශේෂයෙන් නිපදවුනු වෝටර්බේස්ඩ් ඇක්‍රිලික් පොලියුරතේන් ගෙබිම් ආලේපනයකි. දැව ගෙබිම, පඩිපෙල, අත්වැට සහ ගෘහභාණ්ඩ සඳහාද යොදාගත හැකියි. අවම VOC මට්ටම නිසා සැර ගන්ධයක් නොමැත, සෞඛ්‍යාරක්ෂාව උපරිමයි. 

 

අවර්ණ හෝ අවශ්‍ය වර්ණයක් සමඟින් මැට්, සෙමි-ග්ලොස් හා හයි-ග්ලොස් නිමාවන්ගෙන් ලබා ගත හැකිය.



නිර්දේශිත යෙදවුම්: දැව ගෙබිම, පඩිපෙල, අත්වැට සහ ගෘහභාණ්ඩ සඳහා 



නිර්දේශිත විසඳුම : 1 x GORI 11 or GORI 22, 2-3 x GORI 81



විශේෂ ගුණාංග: 

වෝටර්බේස්ඩ්
අවම VOC මට්ටම, කිසිම සැර ගන්ධයක් නොමැත
සීරීම් වලට, උණුසුමට ඔරොත්තු දේ
කුණු, දූවිලි, පැල්ලම් නොරඳයි, පහසුවෙන් පිරිසිදු කල හැක
ජලය/සේදුම්කාරක යොදා සේදීමට හැක
සැනිටයිසර් මඟින් පිරිසිදුකල හැක
ජල මුද්‍රික හා ජල විකර්ශක ගුණාංග සහිතයි
කිසිම මිශ්‍ර කිරීමක් හෝ තනුක කිරීමක් අවශ්‍ය නැත, කෙලින්ම ආලේප කල හැක


කෑන් ප්‍රමාණ:

මි.ලි. 750

ලීටර 2.50

ලීටර 5.00



ආලේප කරන ක්‍රමය:

බුරුසු මඟින් හෝ ස්ප්‍රේ මඟින් ආලේප කල හැක.



ඔබට අවශ්‍ය සිනිඳු බව ලැබෙන සේ වැලි කඩදාසියෙන් මැද ගෝරි 81 පලමු ස්ථරය ආලේප කරන්න. පැය 4කට පසු මතුපිට වැලිකඩදාසියකින් මඳින්න. ඉන් පසු දෙවන ස්ථරය ආලේප කරන්න.



දැව මතුපිට සැකසීම:

ඔබට අවශ්‍ය නිමාව ලැබෙන සේ වැලිකඩදාසියකින් මැද ගන්න. මතුපිට දූවිලි, ග්‍රීස්, තෙල්, පැරණි ආලේපන වැනිදේ නොමැති විය යුතුය. ගෝරි 11 හෝ 22 දැවයෙහි සෑම පැත්තකම ආලේප කල යුතුය.



වියලීමට ගතවන කාලය:

අතින් ඇල්ලීමට: මිනිත්තු 30

දෙවන ස්ථරය ආලේපයට: පැය 4



ආලේප කල හැකි ප්‍රමාණය: ලීටරයකින් වර්ග අඩි 120 ආවරණය වේ (එක ස්ථරයක් සඳහා )



මිලදීගත හැකි වර්ණ:


GORI 99 Extreme දොර, ජනෙල්, ගෘහභාණ්ඩ සඳහා සැටින් නිමාව