ඩෙක් එකෙහි දැව පරම්පරා ගණනක් රැකගනිමුද? නැත්නම් ටික කලකට පෙනුම විතරක් රැක ගනිමුද?
දැව ඩෙක් එකක් යනු අපට සාමාන්‍ය භාවිතයේ හමුවන දැවයට වැඩිම හානියක් සිදුවීමේ අවදානම ඇති යෙදවුමකි. නාන තටාක ඩෙක් එකක්, ඇවිදයාමේ මං තීරුවක්, බැල්කනියක් ආදී මේ කුමන ලෙසින් භාවිත වුවද පාරිසරික හා කාලගුණික සාධක වලින් දැව විනාශ වීමේ වැඩිම අවදානමක දැව ඩෙක් එකක් මුහුණදෙයි.
මීට හේතු වන්නේ (1) හිරු එළිය, වැස්ස ආදී දේට ආවරණයක් නොමැතිව කෙලින්ම මුහුණ දීම සහ (2) තිරස් මතුපිට නිසා ජලය රැඳී තිබීමයි. සාමාන්‍යයෙන් දැව අධෝරක්ත කිරණ හමුවේ ( හිරු එළිය හමුවේ ) දිරා යාමේදී එය අළු පැහැයට හැරීම නිසා ඉක්මණින් අපේ අවධානයට යොමුවේ. ඒ නිසාම ඊට සුදුසු ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපගේ අවධානය යොමුවේ. නමුත් ඩෙක් වලදී ජලයෙන් වන හානිය මීට වඩා අවදානම් සහගත සහ භයානක වේ.
තිරස් මතුපිට(horizontal surface) පිහිටීම නිසා ඩෙක් එක මතට වැටෙන ජලය බිංඳු වශයෙන් හෝ ඒ මත එකතුවී යම්කිසි කාලයක් රඳා පවතී. මෙවිට එම ජලය දැවය තුලට කාන්දුවී දැවයේ අභ්‍යන්තර හිස් අවකාශ තුල එක් රැස්වීම සිදුවේ. මෙසේ එක් වන ජලය වැඩි කාලයක් දැවය තුල පැවතෙමින් දැවයේ අභ්‍යන්තර සෛල දිරීමකට ලක් කරයි. ඔබ මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් ඩෙක් දැව කැබැල්ලක් කපා හරස්කඩ පරීක්ෂා කර බැලුවහොත් දැව අභ්‍යන්තරය මෘදු බවට පත්වී එහි ශක්තිය නැතිවී ඇති බව පෙනේවි. මෙවැනි ඩෙක් මත ඇවිද යාමේදී හෝ බරක් යෙදීමෙදී කැඩී යාම සිදුවේ.
මෙම අවස්ථාවට පත්වූ පසු ඔබට දැව අලුතෙන් යෙදීම හැර වෙනත් විකල්ප විසඳුමක් නැත. මේ තත්ත්වයෙන් දැව ආරක්ෂා කරගැනීමට නම් අප කල යුත්තේ ඩෙක් එක මුල සිටම ජලය කාන්දු වීමෙන් වලකාගැනීමයි.
දැව මතුපිට යොදන තීන්ත හෝ ආලේපන මඟින් මෙය කලහැකිද? ජල මුද්‍රික මතුපිට ආලේපනයක් මඟින් ඩෙක් දැව ආරක්ෂා වේ යැයි ඔබ සිතන්නේද?
දැව ඩෙක් එකක් යනු අප ඇවිද යන, ගෘහභාණ්ඩ තබන වෙනත් සංචලන සිදුවන ස්ථානයකි. එමෙන්ම පිටත ස්ථානයක් නිසා වැලි ආදියද බොහෝ විට රැඳෙයි. මෙම ක්රියාකාරීත්වයන් හමුවේ මතුපිටින් කරන ඕනෑම ආලේපනයක් පහසුවෙන් සීරීමට ලක්වේ. ඇසට නොපෙනෙන කුඩා සීරීමක් වුවත් ජලය කාන්දුවීමට ප්‍රමාණවත් වේ. යෙදූ ආලේපනය ජල මුද්‍රික වුවත් මෙවන් හානියක් සිදුවන විට ජලය එතුලින් කාන්දු වීම සිදුවේ.
මෙවැනි යෙදවුමකදී අපට කල හැකි හොඳම විසඳුම වන්නේ ඩෙක් දැව තුල ඇති හිස් අවකාශ ජලයට ඇතුල් වීමට නොහැකි සේ වෙනත් ද්‍රව්‍යයකින් සංතෘප්ත කර තැබීමයි. සරලව කිවහොත් දැවය තුල ජලය පිරීමට ඉඩ ඇති තැන්වලට වෙනත් දෙයක් පුරවා තැබීමයි. එවිට ජලය දැවය තුලට කාන්දුවී ඒමට තැනක් නැතිවේ.
මේ පිලිබඳ ඉතිහාසය පුරා කරන ලද පරීක්ෂණ සහ අත්හදා බැලීම් සමඟින් මෙවැනි අවස්ථාවකදී දැව සංතෘප්ත කලහැකි හොඳම ද්‍රව්‍යය ලෙස දැව ඔයිල් මූලික කරගෙන නිපදවූ ඔයිල් ආලේපන හඳුනාගෙන ඇත.
ඔයිල් ආලේපනයක් හැමවිටම දැවය තුලට උරාගෙන, නැත්නම් කිඳාබැස අභ්‍යන්තර හිස් අවකාශ පුරවාලයි. එවිට ජලයට කාන්දුවීමට ඉඩක් නොවේ.
මේ වනවිට තේක්ක, බන්කිරායි ආදී දැව තෙල් යොදා ගනිමින් නිපදවූ ඩෙක් ඔයිල් ආලේපන තිබේ. මෙහිදී ඔයිල් ආලේපනයක් යනු "තෙල්" ගතියෙන් යුත් ද්‍රාවණයක් නොවේ. බැලූ බැල්මට එය තවත් එක දැව ආලේපනයක් හෝ තීන්තක් ලෙස පෙනේ. නමුත් උකු ගතියෙන් අඩුය. ආලේප කලවිට ඉක්මණින් දැවයට උරා ගැනේ. ස්වාභාවික දැව තෙල් යොදාගැනීම නිසා දැව තුලට ගමන් කර හොඳින් හිස් අවකාශ සංතෘප්ත කරයි. එමෙන්ම ඔයිල් ආලේපන ඔබට අවශ්‍ය වර්ණයන්ගෙන්ද ලබා ගත හැකියි.
ඩෙක් සඳහා ඔයිල් ආලේපන යෙදීමේදී ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ ශිල්පීන් අවශ්‍ය නොවේ. ඔබ කල යුත්තේ ඩෙක් දැව හොඳින් පිරිසිදු කර බුරුසුවක් මඟින් ඔයිල් ආලේපය ආලේප කර දැව මතුපිට වැඩිපුර ඉතිරිවන ඔයිල් කෙඳි රහිත රෙදි කැබැල්ලකින් පිස දැමීම පමණයි.
මෙහිදී ඔයිල් ආලේපන නඩත්තුව පිලිබඳව විශේෂයෙන් කතා කල යුතුය. ඔයිල් ආලේපන සාමාන්‍ය ස්ටේන් කාණ්ඩයේ හෝ ලැකර් කාණ්ඩයේ ආලේපන මෙන් නොව කෙටි කලකින් නැවත නැවත ආලේපය අවශ්‍යවේ. මීට හේතුව වන්නේ දැවය හැමවිටම සංතෘප්ත තත්ත්වයේ පවත්වා ගැනීම දැවයේ ආරක්ෂාවට වැදගත් වන බැවිනි.
මාස 6ක පමණ සිට උපරිම වසර 2ක් වැනි කාලයක් තුල දැව ඔයිල් නැවත යෙදීම අවශ්‍යවේ. මෙහිදී නිරතුරුවම ඩෙක් එක පිලිබඳ විමසිල්ලෙන් සිටීමෙන් නැවත ඔයිල් යෙදීමට අවශ්‍ය අවස්ථාව ඉක්මණින් හඳුනාගැනීම වැදගත්වේ.
දැනට ඇති ඔයිල් ආලේපන ඔබට අවශ්‍ය වර්ණයන්ගෙන් ලබා ගත හැකි නිසා සහ හිරු එළියෙහි අධෝරක්ත කිරණ වලින් ආරක්ෂාවත් සපයන නිසා ඔයිල් ආලේපන මත වෙනත් මතුපිට ආලේපන යෙදීම අවශ්‍ය නොවේ.
ඔයිල් ආලේපනය දැවයට උරා ගැනීම අනුව ස්ථර 2-3ක් ආලේප කර ගත යුතුය. මෙහිදී කලින් ඩෙක් ඔයිල් නොයෙදූ කාලයක් භාවිත කල ඩෙක් එකක් නම් පලමු වර ඔයිල් ආලේප කර මසකින් පමණ නැවත ආලේපය සුදුසුය. ඊට හේතු වන්නේ මේ වනවිට දැව අභ්‍යන්තරය මෘදුවී ඇති නිසා ටික දිනකදී යෙදූ ඔයිල් අභ්‍යන්තරයට උරා ගැනීම නිසයි.
බොහෝ දෙනෙකු අනෙකුත් ආලේපන සම්බන්දයෙන් සේම ඩෙක් ඔයිල් සම්බන්දයෙන්ද වගකීම් කාලයක් ගැන විමසනු මා අසා තිබේ. මෙහිදී ඩෙක් ඔයිල් කෙටි කලකින් නඩත්තුව අවශ්‍ය වීම නිසා ඊට වඩා දිගු කලක් සමහර විට වසර 5-6ක් පෙනුම හා වර්ණය පවතින ලැකර් හෝ ස්ටේන් කාණ්ඩයේ ආලේපන තෝරා ගන්න අවස්ථාද මා දැක තිබේ. නමුත් මෙවැනි ආලේපන භාවිතයෙන් ඉතා උසස් තත්ත්වයේ දැව වුවද වසර 5-10ක් තුල ඉවත් කිරීමට සිදුවන බව මගේ දැනීමයි. ආලේපනය නඩත්තුව මීට වඩා බොහෝ සෙයින් ලාභදායී සහ පහසුවේ. ඩෙක් ඔයිල් සාමාන්‍ය අනෙකුත් ආලේපන වලට සාපේක්ෂව මිල අඩු අතර ආලේප කිරීමට ඉතා අවම ශ්‍රමයක් වැයවේ. මේ නිසා ඉතා අඩු මිලකින් නඩත්තුව කල හැකිය.
වගකීම ගැන මගේ උපදෙසනම් නිවැරදි ලෙස ඩෙක් ඔයිල් යොදා නඩත්තු කරන්නේ නම් ඩෙක් දැවයෙහි ස්වාභාවික කල් පැවැත්ම 5-6 ගුණයකින් එනම් අවම වශයෙන් වසර 30-40ක් භාවිත කල හැකි බවයි.
ඩෙකින් ඔයිල් ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් 076 826 6031න් ගෝරි ශ්‍රී ලංකා අමතන්න.