මේ තමයි වැදගත්ම එක - EN927EN927 - Paints and varnishes — Coating materials and coating systems for exterior woodපසුගිය ලිපි දෙකකින්ම අපි දැව ආලේපන වලට සම්බන්ද යුරෝපියානු තත්ත්ව සම්මතයන් දෙකක් පිලිබඳව සාකච්චා කලෙමු. අද අපි ඒ දෙකටම වැඩියෙන් පිටත දැව ආලේපන සඳහා වැදගත්ම වන එහෙත් ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා සහ පරිහරණය නොකරන තත්ත්ව සම්මතයක් වන EN-927 ගැන කතා කරමු.මෙම තත්ත්ව සම්මතයෙන් පිටත ස්ථානවලට භාවිත වන තීන්ත සහ වාර්නිශ් නිෂ්පාදන වල ගුණාත්මක තත්ත්වයන් සහ සීමාවන් දක්වා ඇත. කෙටියෙන් කියතොත් ඔබ පිටත ස්ථානයක දැව යෙදවුමක් සඳහා ආලේපනයක් තෝරාගන්නේ නම් එය EN-927 තත්ත්ව සම්මතයට අනුකූල බව සහතික විය යුතුය. එසේ නැත්නම් එය නියමිත තත්ත්ව සාධක සපුරා නොමැති බාල ආලේපනයකි.නිවැරදිව සැලකූ කල දොර, ජනෙල්, වැට, ගේට්ටු වැනි බොහොමයක් දැව යෙදවුම් සඳහා යොදන දැව ආලේපන මෙම EN927 සම්මතයට අනුකූල විය යුතුය. නමුත් අප රටේ සමහර ව්‍යාපෘති පිරිවිතර වල සලකා බලන්නේ EN71 ට අනුකූලව එය ලදරුවන්ට ආරක්ෂාකාරිද යන්න පමණක් වීම අපට යලි යලිත් හාස්‍යය උපදවයි.මෙම ලිපි පෙල තුලින් හෝ නිවැරදි දැනුම සමාජගත කර මේ වැරදි නිවැරදි කිරීමට මුල් පියවරක් වීම මෙම ලිපි පෙලෙහි මූලික අරමුණයි.EN 927 : 2013 සංස්කරණයට අනුව 1,2,3,5,6 ලෙසින් ප්රධාන කොටස් 5කින් යුතු වෙයි. ඊට පෙර තිබූ EN 927-4 මෙම සංස්කරණයේදී ඉවත් කර තිබේ. මෙම කොටස් 5 පහත පරිදි වෙන්කර තිබේ.
EN 927-1: Part 1: Classification and selection (the present document);EN 927-2: Part 2: Performance specification;EN 927-3: Part 3: Natural weathering test;EN927-5: Part 5: Assessment of the liquid water permeability;EN 927-6: Part 6: Exposure of wood coatings to artificial weathering using fluorescent UV lamps and water.
මෙහි EN 927-1 කොටස ගත් විට එහි ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ දැව යෙදවුම සහ එය තිබෙන ස්ථානය ආදී කරුණු අනුව යෙදිය යුතු ආලේපන වල අවශ්‍යතා පිලිබඳව වේ.
මෙහිදී දැව යෙදවුම 1.) Non Stable 2.) Semi Stable 3.) Stable ලෙස ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කර තිබේ. Non Stable කාණ්ඩයට දැවයට නිදහසේ සංචලණය විය හැකි වැට, එක මත එක ඇති ක්ලැඩින්, පරතරයක් ඇතිව සවිකල ඩෙක් ආදී උදාහරණ දැක්විය හැකිය. Stable කාණ්ඩයට දොර පියන්, ජනෙල් පියන්, ගෘහභාණ්ඩ වැනි සංචලනය විය නොහැකි යෙදවුම් උදාහරණ වේ. Semi-Stable කාණ්ඩයට අයත් වන්නේ සීමා සහිත සංචලනයක් ඇතිවිය හැකි tongue-and-groove ක්ලැඩින් වැනි දේ වේ.ඔබ ආලේප කරන ආලේපනය අදාල යෙදවුම අයත් කාණ්ඩය සඳහා EN-927 පිරිවිතරයන්ට අනුකූලවීම ඒ අනුව අවශ්‍යයවේ.මීලඟට මෙහි ආලේපනය හෝ ආලේපන පද්ධතියෙහි ඝනකම(coating thickness/build) අනුව එය කොටස් කරන ආකාරය පහත පරිදි දැක්වේ.a) minimal: mean thickness less than 5 µmb) low: mean thickness 5 µm up to 20 µm; c) medium: mean thickness greater than 20 µm up to 60 µm; d) high: mean thickness greater than 60 µm up to 100 µm; e) very high: mean thickness greater than 100 µm.මේ අනුව නිර්දේශිත ආලේපන කෝට් ප්‍රමාණය අනුව ඝනකම හොඳ ප්‍රමාණයක් ලෙස මයික්රෝන 60කට වත් වැඩිවීම සැලකිය යුතුය. එය මයිකෝන 100ට වඩා වැඩි වේනම් එය ඉතා හොඳ තත්ත්වයකි. ආලේපන කෝට් ගණන වැඩි කිරීමෙන් අපට වැඩි ඝනකමක් ලබාගත හැකි නමුත් එය ඔබට වැඩි වියදමක් දැරීමට හේතු වෙයි. එහෙයින් ඔබ තෝරාගන්නා ආලේපනය අඩු කෝට් ගණනකින් වැඩි ඝනකමක් ලබාදීම අවශ්යවේ.මීලඟට ආලේපනයෙහි දැවය වසාගැනීමේ ප්‍රමාණය අනුව සහ ග්ලොස් ප්‍රමාණය අනුව කොටස් කිරීම් ඇතුලත් වේ. තවත් වඩාත් වැදගත් තොරතුරක් වන්නේ යෙදවුම් තිබෙන දිශාව, ආවරණය වී ඇති ආකාරය සහ ආනතිය අනුව හානි වීමේ අවදානම වර්ගීකරණය කර ඇති ආකාරයයි.මෙම වර්ගීකරණයේදී මුහුණලා ඇති දිශාව, ආවරණය වී ඇති ප්‍රමාණය සහ ආනතිය අනුව අනුව ලකුණු ලබාදී ලැබෙන මුලු ලකුණු එකතුව අනුව අවදානම් තත්ත්වය ලකුණු 3 නම් අඩු, ලකුණු 4 සිට 6 දක්වා නම් මධ්‍යම සහ ලකුණු 7 සිට 9 දක්වා නම් දරුණු ලෙස කොටස් 3කට බෙදා ඇත. මේ සමඟ ඇති පින්තූර අංක 1න් මෙම ලකුණු ලබාදෙන පිළිවෙලද පින්තූර අංක 2න් දිශාව අනුව ලකුණු ලැබෙන පිලිවෙලද, පින්තූර අංක 3න් ආවරණය සලකන ආකාරයද දක්වා ඇත. උදාහරණයක් ලෙස බටහිර දිශාවට මුහුණලා ඇති දොරක් ගතහොත් එය දිශාව අනුව ලකුණු 3ක්ද, ආවරණය අනුව ලකුණු 2ක් හෝ 3ක්ද, ආනතිය අනුව ලකුණු 1ක් ද ලබා මුලු ලකුණු 6 හෝ 7 ප්‍රමාණයක් ලැබේ.
EN 927-2 කොටසෙහි ආලේපන වල ක්‍රියාකාරිත්වයට අදාල වන පිරිවිතර සහ ඊට යොදාගතයුතු පරීක්ෂණ දක්වා තිබේ. කාළගුණික සාධක හේතුවෙන් වන ස්වාභාවික ගෙවීයාම, ආලේපනය ඉරිතැලීම, දැවය සමඟ හොඳින් බැඳී තිබීමේ හැකියාව ඇතුලු කරුණු රැසක් මෙහි සලකාබලා තිබේ. මෙහි ඇති කරුණු තාක්ෂණික කරුණු වන හෙයින් මෙම ලිපියෙන් වැඩිදුර විස්තර කිරීමට කටයුතු නොකරමු.EN 927-3 කොටසෙන් ස්වාභාවික ගෙවීයාම පිලිබඳ කෙරන පරීක්ෂණද 927-5 කොටසෙන් ජලය උරා ගැනීම පිලිබඳ පරීක්ෂණද 927-6න් කෘතීම ගෙවීයාම පිලිබඳ පරීක්ෂණද දක්වා තිබේ.මේ අනුව බලන කල පිටත දැව යෙදවුම් සඳහා ඔබ ආලේපනයක් තෝරා ගන්නේ නම් එය EN 927 ට අනුකූල බවට වන සහතික එම නිෂ්පාදනයට ඇත්දැයි සොයා බැලීම අනිවාර්යය අවශ්‍යතාවයකි. එසේ නොමැති නිෂ්පාදන වලින් ඔබට දිගුකල් පැවැත්මක් ලබා නොදේ. ගෝරි 99, 88, 44+, 44 යන සියලු නිෂ්පාදන අදාල කාණ්ඩ යටතේ EN 927 තත්ත්ව සම්මතයට අනුකූල බවට ලොව ඉහළම පිලිගැනීමක් ඇති විද්‍යාගාර විසින් සහතික කර තිබේ. ගෝරි ලොව උසස්ම තත්ත්වයේ දැව ආරක්ෂණ නිෂ්පාදන වන්නේ එහෙයිනි.ඔබ මෙතෙක් කලක් භාවිත කල "වෝටර්බේස්" වලටත් මෙම සහතික ඇත්දැයි සොයාබලන්න. නිවැරදි දේ සොයා බලා හොඳම දේ තෝරා ගන්න.දැව ආරක්ෂණය සහ ආරක්ෂණ ආලේපන පිලිබඳව වැඩිදුර තොරතුරු / තාක්ෂණික කරුණු හෝ ඔබගේ යෙදවුමට නිවැරදිම ආරක්ෂණ විසඳුම ගැන දැනගන්න නම් 076 826 6031න් අපිට කතා කරන්න.