දැව භාවිතය අනුව හානිවීමේ අවදානම හඳුනාගනිමු
EN 335-2013 : Durability of wood and wood-based products — Use classes: definitions, application to solid wood and wood-based products
අද අපි මෙම ලිපියෙන්ද දැව ආරක්ෂණය සම්බන්ද තවත් එක් යුරෝපියානු තත්ත්ව සම්මතයක් ගැන සාකච්චා කරමු. EN 335 යනු දැව හෝ දැව භාණ්ඩ යෙදෙවෙන ස්ථානය අනුව එයට කෘමිහානි සිදුවීමේ අවදානම පිලිබඳ සලකාබැලෙන තත්ත්ව සම්මතයකි. සරලව ගතහොත් දැවයක් නිවසක් තුල තිබෙන විට සහ පිටත තිබෙන විටෙක යන අවස්ථා දෙකිහිදී එම දැවයට කෘමි හානි සිදුවීමේ අවදානම සමාන නොවේ. එමෙන්ම බලපෑ හැකි කෘමි වර්ගද වෙනස් වේ. මේ තත්ත්වය විද්‍යානුකූලව අධ්‍යනය කොට මෙම දැව හානි වීමේ අවදානම කාණ්ඩ කර මෙම ලියවිල්ලෙහි දැක්වේ. එමඟින් අප ආරක්ෂණය සඳහා සලකන දැව යෙදවුමක හානි වීමේ අවදානම පිලිබඳව විද්‍යාත්මක වර්ගීකරණයක් සිදුකොට ඊට අවශ්‍ය පිළියම් නිවැරදිව තීරණය කිරීමේ හැකියාව ලැබේ.
මෙම තත්ත්ව සම්මතයට අනුව යෙදවුම අනුව දැව හානිවීමේ අවදානම ප්‍රධාන කාණ්ඩ 5කට බෙදා දක්වා තිබේ. එයින් 3වන කාණ්ඩය අනු කාණ්ඩ 2කට බෙදා තිබේ. මෙම කාණ්ඩ පිලිබඳ සරල සිංහල විග්‍රහයක් පහත දැක්වේ.
Use Class 1 (භාවිතය අනුව කාණ්ඩ 1)
දැව හෝ දැව භාණ්ඩය යම්කිසි ගොඩනැගිල්ලක් හෝ ඉදිකිරීමක් තුල ඇති, තෙතමනයට හෝ පරිසරයට නිරාවරණය නොවන අවස්ථාව
මෙම අවස්ථාවේදී දැව හානි කරන දිලීර ආසාදන අවදානම ඉතා අඩුය. නමුත් ප්‍රදේශයට අදාල වන දැව විදින කෘමීන්, වේයන් ආදී කෘමිහානි සිදුවීමේ අඩු නමුත් අවදානමක් ඇත. පාරිසරික හා/හෝ කාලගුණික හේතු නිසා වන හානිවලට ලක් නොවේ.
Use Class 2 (භාවිතය අනුව කාණ්ඩ 2)
මෙම කාණ්ඩයට අයත් වන්නේ පාරිසරික තත්ත්ව වලට නිරාවරණය නොවන නමුත් විටින් විට ජලයට හෝ ජල වාෂ්ප වලට නිරාවරණය විය හැකි දැව යෙදවුම් වේ. උදාහරණයක් ලෙස නාන කාමරයක් තුල බිත්තියෙහි සවිකර ඇති කබඩ් එකක් මෙම ගණයෙහි ලා සැලකිය හැකිය.
මෙහිදී පළමු කාණ්ඩයට වඩා දිලීර හානි සහ කෘමිහානි අවදානම මඳක් වැඩි නමුත් එය එතරම් ප්‍රබල නොවේ.
Use Class 3 (භාවිතය අනුව කාණ්ඩ 3)
දැව හෝ දැව යෙදවුම පොලොව සමඟ කෙලින්ම සම්බන්ද නොවන පාරිසරික හා කාළගුණික තත්ත්වයන්ට නිරාවරණය වන අවස්ථාවන් මෙම කාණ්ඩයට ගැනේ. මෙම 3වන කාණ්ඩය අනු කාණ්ඩ 2කට බෙදා දක්වා ඇත.
Sub-Class 3.1 (උප කාණ්ඩ 3.1)
මෙම උප කාණ්ඩයට පරිසරයට සහ වැස්සට නිරාවරණය වන නමුත් එක දිගට දීර්ඝ කාලයක් තෙතමනය රඳා නොපවතින හා/හෝ ජලය එක්වී නොපවතින (ජලය බැසයන ) දැව යෙදවුම් අයත් වේ. පිටත දොර, ජනෙල්, බැල්කනියක ඇති දැව භාණ්ඩ ආදිය අයත් වන්නේ මෙම කාණ්ඩයට වේ.
Sub-Class 3.2 (උප කාණ්ඩ 3.2)
පිටත ස්ථානවල ඇති වැස්සට නිරාවරණය වන මෙන්ම ජලය බැස නොයා දීර්ඝ කාලයක් රඳා පවතින හෝ නිරතුරුවම තෙතමනය සහිතව ඇති දැව යෙදවුම මෙම කාණ්ඩයට ගැනේ. පිටත දැව ඩෙක්, උද්‍යාන දැව භාණ්ඩ ආදිය මේ ගණයෙහි ලා සැලකේ.
Use Class 4 (භාවිතය අනුව කාණ්ඩ 4)
දැව යෙදවුම කෙළින්ම පොලොව සමඟ හෝ ජලය සමඟ (ලවණ ජලය නොවේ) සම්බන්ද වී ඇති වැස්සට හා පාරිසරික තත්ත්ව වලට නිරාවරණය වී ඇති අවස්ථා මෙම කාණ්ඩයෙහි ගැනේ.
Use Class 5 (භාවිතය අනුව කාණ්ඩ 5)
ලවණ ජලයෙහි නිරතුරුව ගිලී හෝ සම්බන්ද වී පවතින දැව යෙදවුම් මෙම කාණ්ඩයට ගැනේ.
මෙම තොරතුරු වලට අමතරව EN335 සමඟ ඇති ඇමුණුම්වල දැව හානි කරන කෘමීන් පිලිබඳව සහ තවත් බොහෝ ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වේ.
අප ප්‍රධාන වශයෙන්ම පිටත දැව යෙදවුම් ගණයෙහි ලා සලකන අවස්ථා මෙහි කාණ්ඩ අංක 3ට ගත හැකි බව මේ අනුව අපට පෙනේ.
ඒ අනුව මෙම තත්ත්ව සම්මතයට අනුව අප සලකන දැව යෙදවුමේ හානි වීමේ අවදානම හඳුනාගෙන ඊට නියමිත නිර්දේශිත දැව ආරක්ෂණ ප්‍රතිකර්ම යෙදීමෙන් එම දැවය දිගුකල් ආරක්ෂා කරගත හැකිය. මෙහිදී එම ප්‍රතිකර්ම තීරණය කිරීමෙහිලා සැලකිය යුතු තවත් මෙවැනි තත්ත්ව සම්මතයන් කිහිපයක් ඇති බවත් ඒ පිලිබඳවද ඉදිරි ලිපි වලින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවත් සිහිපත් කරනු කැමැත්තෙමු.
මේ ලිපි පෙල කියවන ඔබ "හැම එකටම වෝටර්බේස්" මිත්‍යාවෙන් මිදී නිවැරදි දැව ආරක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් දැව දිගුකල් සුරකින්නට යොමුවනු ඇතැයි යන්නේ අපගේ බලාපොරොත්තුවයි. එමඟින් අපි දැව සුරකිමින්, ගසක් රකින්නට දායක වෙමු. හෙට උපදින කිරි කැටියාටත් මේ ස්වාභාවික පරිසරය ඉතිරි කරන්නට පෙරමුණ ගමු.
Note: මෙම ලිපි පෙලෙන් දැව ආරක්ෂණය පිලිබඳ කරුණු ඉතා සරලව ඉදිරිපත් කෙරෙන අතර, ඔබ ඉංජිනේරුවරෙයෙක්, වාස්තු විද්‍යාඥයෙක් හෝ මේ ක්ෂේත්‍රයේ තාක්ෂණික අංශවල නියැලෙන්නෙකු නම් මේ පිලිබඳ වැඩි විස්තර 076 826 6031ට අමතා දැනගත හැකිය.