දැව ආලේපන විශේෂයෙන්ම දැව ආරක්ෂණ ආලේපන ගැන කතා කරන කොට අපේ රටේ බොහෝ දෙනෙකුට ඒවායේ තත්ත්ව සම්මතයන් ගැන හරිහැටි අවබෝධයක් නැති බව අපේ අදහසයි. "වෝටර්බේස්" ගැන සමාජයේ විවිධ තරාතිරම් වල, සමහර විට බොහෝ උගත් අයත් දරන මතයන් සහ ඔවුන්ගේ අවබෝධය දකින විට මෙම දැනුම සමාජගත කිරීමේ වටිනාකම මොනවට පැහැදිලි වේ.
රජයේ සහ පෞද්ගලික විවිධ ඉදිකිරීම ව්‍යාපෘතිවල දැව ආලේපනය පිලිබඳ පිරිවිතරයන් දකින විට මේ ක්ෂේත්‍රය පිලිබඳ ඉංජිනේරු දැනුම බොහෝ දෙනෙකු තුල නොමැති බව පසක් වේ. එහෙයින් දැව ආලේපන පිලිබඳ යුරෝපියානු තත්ත්ව සම්මතයන් කිහිපයක් පිලිබඳ මෙම ලිපිපෙල තුල සාකච්චා කිරීමට අදහස් කලෙමු.
මෙම ෆේස්බුක් පිටුව තුලදී මෙම සාකච්චාව ඉතා සරල මට්ටමින් කෙටියෙන් කරන්නට අදහස් කරන්නේ නැතිනම් එය බොහෝ දෙනෙකුට අප්‍රිය වීමට ඉඩ ඇති හෙයිනි. මුලින්ම බොහෝ තැන්වල කතා කෙරෙන සමහර ආලේපන නිෂ්පාදකයින් ප්‍රචාරණය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා EN71-3 යුරෝපියානු තත්ත්ව සම්මතය පිලිබඳ බලමු.
EN-71 යුරෝපියානු තත්ත්ව සම්මතය වෙන් වන්නේ සෙල්ලම් බඩු වල ආරක්ෂාකාරී භාවය (Safety of Toys) පිලිබඳව වේ. මෙහිදී යාන්ත්‍රික වශයෙන්, රසායනික වශයෙන් හෝ වෙනත් ආකාර වලින් සෙල්ලම් බඩු එය භාවිත කරන්නාට ආරක්ෂාකාරිද යන්න සලකා බැලේ.
මෙම ලියවිල්ල විවිධ අංශ ගැන කොටස් කිහිපයකට බෙදා කරුණු ඉදිරිපත් කර ඇත. මෙයින් ආලේපන වල සෞඛ්‍යාරක්ෂාකාරී බව පරීක්ෂාකිරීම පිලිබඳව විස්තර වන්නේ EN71-3 කොටසෙහිය.
මෙම කොටසෙහි ආරම්භයෙහිම සඳහන් කරන ආකාරයට සෙල්ලම් බඩුවක සිට ඇන්ටිමනි,ආසනික්, බේරියම්, කැඩ්මියම්, ක්‍රෝමියම්, ඊයම්, රසදිය, සහ සෙලෙනියම් යන ලෝහ එය භාවිත කරන්නා වෙත කාන්දුවීමේ හැකියාව සොයාබැලේ. එහිදී සෙල්ලම් බඩුව සඳහා භාවිත කරන තීන්ත හා ආලේපන, මුද්‍රණය සඳහා භාවිත වන අමුද්‍රව්‍ය, කඩදාසි හා ආශ්‍රිත අමුද්‍රව්‍ය, රෙදි, වීදුරු, ලෝහ කොටස් වැනි සෑම ද්‍රව්‍යයකින්ම සිදුවිය හැකි හානිය සලකා බැලේ.
සරලව ගත හොත් ඔබේ දරුවා භාවිත කරන සෙල්ලම් බඩුවට ආලේප කර ඇති තීන්ත හෝ ආලේපනය EN71-3 සහතිකය සහිත නම් එම තීන්ත මඟින් ඉහත සඳහන් කරඇති රසායනික ඔබේ දරුවාගේ සිරුරට ඇතුලුවීමේ හැකියාව අවමය.
EN71-3 සහතිකයෙන් ඔබට ලැබෙන සහතිකය එපමණකි. යොදාගෙන ඇති ආලේපනයෙහි කල්පැවැත්ම, එයින් දැවයට ලැබෙන ආරක්ෂාව හෝ වෙනත් කිසිම සාධකයක් ගැන පරීක්ෂාවක් හෝ අදහසක් මෙම EN71-3 සහතිකයෙන් ලබා නොදේ.
හාස්‍යයට කරුණ නම් අප රටෙහි සමහර ප්‍රධාන ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති පිරිවිතරයන්හි පිටත දොර ජනෙල් ආලේපන සඳහා වන ආලේපන තෝරා ගැනීමේදීද මෙම සහතිකය පමණක් ඉල්ලා ඇති අවස්ථා අපට හමුවී තිබීමයි.
අප මෙම ලිපි පෙල තුලින් සහ මෙම ෆේස්බුක් පිටුවෙහි විවිධ අවස්ථාවන්හි කතා කල පරිදි දොර ජනෙල් සඳහා විශේෂයෙන් පිටත ස්ථාන සැලකීමේදී අව්වෙන්, වැස්සෙන්, ජලයෙන් හා වෙනත් පාරිසරික සාධක වලින් දැව දිගුකල් රැක ගැනීමට අවැසි සාධක ප්‍රධාන වේ. "වෝටර්බේස්" මීට හොඳම තේරීමද යන්න අපි නැවත නැවතත් කතා කිරීම අවැසි නැතැයි සිතමි.
කෙටියෙන් කියතොත් ඔබ මින් පසුව ඔබගේ දරුවාගේ සෙල්ලම් බඩු, නිවසේ හෝ පාසලේ ඩෙස්, පුටු, ගෘහභාණ්ඩ සඳහා ආලේපන තෝරාගැනීමේදී EN71-3 සහතිකය ඇති ආලේපනයක්ම තෝරාගන්න. එය ඔබේ දරුවාට පසුකාලයකදී පිළිකා වැනි රෝගාබාධයන් ඇති වීමේ අවදානම අවම කරාවි.
නමුත් අනෙක් අවශ්‍යතා වලදී ඊට අදාල සම්මතයන් සලකා හොඳම දේ ගන්න. අපි ඒ තත්ත්ව සම්මතයන් ගැනත් ඉදිරියේදී කතා කරමු.
ඩෙන්මාර්කයේ පමණක් නිපදවා ඔබ වෙත එන GORI දැව ආරක්ෂණ ආලේපන ඉහළම සෞඛ්‍යාරක්ෂිත බවින් යුතු බව අපි ඔබට සහතික වන්නෙමු. GORI 91 ආලේපනය EN71-3 සහතිකය සමඟින් ඔබේ දරුවාගේ සෞඛ්‍යාරක්ෂාව ඉහළින්ම තහවුරු කරන බව අපි ඔබට ආදරයෙන් මතක් කරන්නෙමු.
මේ පිලිබඳව වැඩිදුර තොරතුරු අවැසිනම් 076 826 6031න් අපිට කතා කරන්න.