Skip to Content

Article 11 - දොර ජනෙල් ආරක්ෂණය සහ ගෝරි 99

අපගේ ප්‍රධාන මාතෘකාව වන දැව සහ දැව ආරක්ෂණය පිලිබඳ වන ලිපිපෙළ අතර අද මෙම ලිපියෙන් විශේෂයෙන්ම දොර, ජනෙල් ආරක්ෂණය සහ ආලේපනය පිලිබඳව කතාකරමු.

අදවන විට නිවාස සංකීර්ණ සහ වෙලඳ ගොඩනැගිලිවල දොර ජනෙල් සඳහා දැව යොදාගැන්ම අඩුවෙමින් පැවතුනත්, නිවාස සඳහා වැඩිම ජනප්‍රියත්වයක් උසුලන්නේ දැව දොර සහ ජනෙල් වේ. මිල, කල්පැවැත්ම සහ දුලභ වීම යන කරුණු මත විකල්ප තෝරාගත්තත් අදටත් දැව භාවිතයට අපි සැම ප්‍රිය කරන්නෙමු. දැව යෙදවුම් දැක්මෙන් සහ ස්පර්ශයෙන් ලැබෙන සුවදායී හැඟීම වෙනත් කිසිම විකල්ප අමුද්‍රව්‍යයකින් නොලැබෙන බව මගේ පෞද්ගලික අදහසයි.  

දොර, ජනෙල් සඳහා දැව යොදාගැනීමේදී ආලේපන පිලිබඳ කතා කරන්නට පෙර ඊට යොදාගැනෙන දැව ගැන සඳහනක් කිරීම වටී. ප්‍රධාන වශයෙන්ම අද වනවිට මේ සඳහා තේක්ක, මැහෝගනි, කොස්, නැදුන් සහ වෙනත් ආනයනික දැව යොදාගනී.මෙහිදී දැව තෝරාගැනීමේදී එම දැවයන්හි සංචලන සහ හැකිලීමේ ගුණාංගය ගැන සැලකිලිමත් විය යුතුය. මැහෝගනී යොදා ගැනිමේදී පදම් කල දැව සපයා ගැනීම උචිත වේ.

පදම් නොකල දැව යොදාගැනීමට සිදුවේ නම්, දොර ජනෙල් සෑදීමට පෙර එම දැව නියමිත පරිදී වියලී තිබීම අත්‍යාවශ්‍යවේ. එසේ නොවූ විට පිරිද්දුම් වලින් ඈත් වීම, ඇදගැසීම වැනි තත්ත්ව වලට ලක්වේ.

දොර ජනෙල් සලකන කල ඇතුලත දොරවල් පිටත ඒවාට වඩා හානිවීමේ අවදානම අඩුය. ඒ නිසා අපි විශේෂයෙන් පිටත දොර ජනෙල් වල ආරක්ෂාව ගැන සැලකිය යුතුය. මෙහිදී EN335-2013 තත්ත්ව සම්මතයෙහි වර්ගීකරණයට අනුව කාණ්ඩ 3.1යටතේ සැලකිය යුතුය.

මෙහිදී කෘමිහානි සඳහා ප්‍රමාණවත් පරිරක්ෂණක් කිරීම අත්‍යාවශ්‍යවේ. එසේ නොමැති අවස්ථාවල කෘමිහානි මෙන්ම මතුපිට දිලීර හානිද ඇතිවේ. දොර ජනෙල් උලුවහු බිත්ති බඳින අවස්ථාවේම සවිකරන්නේනම් ඔබට ඒ අවස්ථාවේ පරිරක්ෂක ආලේප කර සවිකල යුතුවේ. එමෙන්ම නැවත පියන් සවිකර මතුපිට ආලේපන කරන අවස්ථාවේ උලුවහු වලද නැවත පරිරක්ෂක ආලේපය නිර්දේශ කෙරේ. මෙහිදී පරිරක්ෂකය දැවවල සියලුම මතුපිටයන්හි නිවැරදි ආලේපය අවශ්‍යවේ. එමෙන්ම පරිරක්ෂකයක් ආලේප කර පැය 72ක් පමණ ඇතුලත මතුපිට ආලේපන යෙදීම අවශ්‍යවේ.

දොර ජනෙල් සඳහා බලපාන පාරිසරික සාධක ගත්කල හිරු එළිය සහ ඒ සමඟ එන අධෝරක්ත කිරණ නිසා වන හානිය අප රටෙහි ප්‍රධාන ගැටලුවකි. මෙහිදී ආලේපනයෙහි වර්ණය අවපැහැගැන්වී ඉන් පසු දැවය හානිවීමට පටන්ගනි. ආරක්ෂණය නොකල දැවයක් හිරු එළියට නිරාවරණය වූ විට අළු පැහැයට හැරෙන්නේ මේ හේතුව නිසාවෙනි. මෙහිදී මතුපිට දැව සෛල විනාශ වී මෘදු බවට පත්වේ.

දැව මෙයින් ආරක්ෂාකිරීමට නම් හොඳ UV ප්‍රතිරෝධක හැකියාවක් ඇති මතුපිට ආලේපනයක් නිර්දේශිත ඝනකමින්(coating thickness) යුක්තව ආලේප කල යුතුය. මෙහිදී ඔබ යොදා ගන්නා නිෂ්පාදනයේ නිෂ්පාදකයාගේ උපදෙස් අනුව නියමිත ස්ථර ගණන ආලේපය, තනූක කිරීමට නිර්දේශිතනම් පමණක් නිර්දේශිත ප්‍රමාණයට පමණක් තනූක කිරීම වැදගත්වේ. එසේ නොවුවහොත් නියමිත ආලේපන ඝණකම නොමැතිවීමෙන් අඩු කාලයකින් නැවත ආලේප කිරීම අවශ්‍යවේ.

මීලඟ ප්‍රධානම ගැටලුව වන්නේ වැස්ස සහ ජලයයි. අප වසරේ වැඩි කාලයක් නිරතුරුවම වැසි ලැබෙන රටක් බැවින් සියලු පිටත දැව යෙදවුම් ජලයෙන් ආරක්ෂා කරගත යුතුය. දොර ජනෙල් සිරස් මතුපිටින් යුක්ත නිසා ජල විකර්ශක(water repellent) සහ ජල මුද්‍රික(water-proof) ගුණයෙන් යුත් මතුපිට ආලේපනයක් මේ සඳහා ප්‍රමාණවත් වේ. මෙහිදී දොර ජනෙල් වල සෑම පැත්තක්ම හොඳින් ආලේපය මඟින් දැව තුලට ජලය හෝ ජල වාෂ්ප ගමන් කිරීම වැලකේ.

පිටත දැව ආලේපන සඳහා වන යුරෝපියානු තත්ත්ව සම්මතය වන EN-927 ට අනුව දොර ජනෙල් ගැනෙන්නේ Dimensionally Stable කාණ්ඩයටයි. එනම් පාරිසරික තත්ත්ව වෙනස්වීම් හමුවේ දොරෙහි/ජනේලයහි දිග/පළල වෙනස් නොවිය යුතුවේ. දැවයෙහි ගුණාංගද මීට සාධක වන නමුත් මේ සඳහා දැව ආලේපයෙන් ලබාදෙන සහායද වැදගත් සාධකයකි. එනිසා දොර ජනෙල් සඳහා ඔබ තෝරාගන්නා ආලේපනය EN-927ට අනුව Dimensionally Stable කාණ්ඩය සඳහා ගැලපෙන බවට සහතික වී තිබීම අනිවාර්යය අවශ්‍යතාවයකි.

මීට අමතරව අප සැලකිය යුතු නමුත් බොහෝ දෙනා නොදන්නා සාධකයක් වන්නේ පිටත දැව යෙදවුම් සඳහා කරන ආලේපන එතුලින් වාතයට ගමන් කලහැකි ගුණයෙන් යුක්තවිය යුතුබවය. අපි මෙය ඉංග්‍රීසි බසින් මයික්‍රෝ-පොරස් (micro-porous) ලෙස හඳුන්වමු.

දැව තුල ඇති හිස් අවකාශයන් තුල සැමවිටම වාතය පිරී තිබේ. පිටත පරිසරයේ සිදුවන ආර්ද්‍රතා සහ උෂ්ණත්ව වෙනස්වීම් වලදී දැවය තුල සහ පිටත පීඩනය සමතුලිතවීම අවශ්‍යවේ. මේ සඳහා ආලේපනය තුලින් වාතයට ගමන් කලහැකිවිය යුතුය. එසේ නොමැති විට දැව පුපුරා යාම, පිරිද්දුම් වලින් ඈත්වීම, ආලේපනය ඉරිතලායාම වැනිදේ සිදුවේ. මෙහිදී ජල මුද්‍රික බව සහිත නමුත් වාතයට පමණක් ආලේපනය හරහා ගමන්කලහැකිවීම අවශ්‍යවේ.

ඉහත සඳහන් ගුණාංග වලින් යුතු දැව ආරක්ෂණ ආලේපනයක් නියමිත පරිදි ආලේප කර නඩත්තු කිරීමෙන් දොර ජනෙල් පරම්පරා කිහිපයක් වුව උසස් තත්ත්වයෙන් රැකගත හැකිය.

ගෝරි 99 යනු ඉහත සියලු ගුණාංග වලින් යුක්ත එමෙන්ම තෝරා ගැනීමට වර්ණ 18 සහිතව ආලේපය පහසු කිරීමට මෙන්ම නඩත්තුව පහසු කිරීමට තවත් විවිධ ගුණාංග වලින් යුතුව වැඩිදියුණු කල දැව ආරක්ෂණ ආලේපනයකි.

ගෝරි 99 ආලේප කලයුතු ක්‍රමය ඉතා සරලය. මෙහිදී වර්ණක (අනෙක් නිෂ්පාදන වලදී ස්ටේන්) වෙනමත් මතුපිට ස්ථර වෙනමත් යෙදීමක් අවශ්‍ය නැත. ගෝරි 99 ඔබ කැමති වර්ණයෙන් තෝරාගෙන ඔබට අවශ්‍ය පරිදි සකස් කරගත් දොර ජනෙල් මත ස්ථර 2ක් ආලේප කිරීම ප්‍රමාණවත් වේ. නඩත්තුවේදී දොර ජනෙල් හොඳින් පිරිසිදු කර නැවත ගෝරි 99 ආලේපය පමණක් සෑහේ. නඩත්තුවේදී නැවත වැලි කඩදාසියෙන් මැදීම (සෑන්ඩ් කිරීම ) අවශ්‍ය නොවේ. එමෙන්ම පලමු ආලේපයේදීද සෑන්ඩ් කිරීම ඔබට අවශ්‍ය සිනිදු බව ලැබෙන පරිදි කරගැනීම ප්‍රමාණවත් වේ. ආලේපනය දැවය සමඟ බැඳීම සඳහා සෑන්ඩ් කිරීම බලපෑමක් නැත.

ගෝරි 99 බ්‍රශ් එකක් මඟින් හෝ ස්ප්‍රේ කිරීමෙන් ආලේප කල හැකිය. මෙහිදී ඉක්මණින් වියලෙන නිසා බ්‍රශ් ආලේපනයෙදී ඉක්මණින් ආලේපය වැදගත් වේ. නැත්නම් බ්‍රශ් සලකුණු මතුවී පෙනීමට හැක. පැය 2ක් පමණ කාලයකදී දෙවන ස්ථරය ආලේප කලහැකි නිසා පැය කිහිපයක් තුල කාර්යය නිමකල හැකිවීම පහසුවකි.

ගෝරි 99 ආලේප කිරීමේදී ජලය හෝ වෙනත් කිසිවක් මිශ්‍ර කිරීම අවශ්‍ය නොවේ. එසේ කිරීම නිර්දේශද නොකෙරේ. නමුත් ලීටරයකින් වර්ග අඩි 160-180ක් පමණ ආලේප කල හැකිය.

ගෝරි 99 ආලේප කල දොර ජනෙල් වසර 5ක් පමණ කාලයක් වර්ණ අවපැහැ ගැන්වීමෙන් තොරව කල් පවතී. නඩත්තුවේදී ගෝරි පිරිසිදුකාරකයක් යොදා පිරිසිදු කර නැවත ගෝරි 99 ආලේපය කල හැකිය.

මේ පිලිබඳව වැඩිදුර තොරතුරු සහ මිලදී ගැනීම සඳහා 076 826 6031න් අපට කතා කරන්න.

 

ගෝරි 99 ආලේප කල දොර ජනෙල් කිහිපයක් මෙම ඡායාරූපයන්හි දැක්වේ.

Article 10 - දැව ගෙබිමකට සරිලන නිවැරදිම ආරක්ෂණය තෝරාගන්නේ කෙසේද?