Skip to Content

Article 10 - දැව ගෙබිමකට සරිලන නිවැරදිම ආරක්ෂණය තෝරාගන්නේ කෙසේද?

දැව හා දැව ආරක්ෂණය පිලිබඳ අපගේ ලිපි පෙල අතරතුරම ප්‍රධාන මාතෘකාවෙන් ඔබ්බ්ට යමින් එදිනෙදා අවශ්‍යතා සහ ගැටලු පිලිබඳවද සාකච්ඡාකිරීම වැදගත් වේ යැයි සිතමු. ඒ නිසා අද මේ ලිපියෙන් අප කතා කරන්නේ දැව ගෙබිමකට නිවැරදිම ආරක්ෂාව තෝරා ගැනීමේදී ඔබ සලකා බැලිය යුතු කරුණු සහ නිවැරදිව ගෙබිම නඩත්තු කල යුතු අයුරුයි.

 

දැව ගෙබිමෙහි ආරක්ෂාව සැලකීමේදී අපට යෙදවුමට අනුව බලපාන හානිකර සාධක අධ්‍යනය කරතිබීම අවශ්‍යවේ. බොහෝවිට ගෙබිමට පාරිසරික සාධක වලින් වන බලපෑම අවමය. අප දැව ගෙබිමක් ලෙස සලකන්නේ ඇතුලත ස්ථාන නිසා එය අව්වට, වැස්සට නිරාවරණය වීම අවමය. ඝර්ම කලාපීය රටක් ලෙස උෂ්ණත්ව වෙනස්වීම් පරාසයද අවමය. ප්‍රධාන වශයෙන් දැව ගෙබිමකදී කෘමිහානි පිලිබඳ සැලකීම වැදගත්වේ. දැව සැකසීමේදී පරිරක්ෂක ප්‍රතිකර්මයක් කල දැවනම් හෝ කෘමිහානි වලට ස්වාභාවිකව ඔරොත්තුදෙන දැවයක් නම් හැර, උසස් තත්ත්වයේ දැව පරිරක්ෂකයක් (Wood Preservative) වැඩබිමේදී ආලේපය අවශ්‍යවේ. ප්‍රිසර්වේටිව් තෝරා ගැනීමේදී විශේෂයෙන් වේයන්ට ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම දැවය තුලට උරාගැනීමේ හැකියාව පිලිබඳ සොයාබලන්න. ලෑලි ගෙබිමට සවිකිරීමට පෙර ප්‍රිසර්වේටිව් ආලේපය නිවැරදි ක්‍රමයයි. එසේ කිරීමට නොහැකි අවස්ථාවක හොඳින් උරාගන්නා (අවම වශයෙන් මිලි මීටර 5-6 පමණ ) නිශ්පාදනයක් යොදාගැනීම වඩාත් වැදගත් වේ.

මීට අමතරව අප සැලකිය යුතු වැදගත්ම කරුණ වන්නේ භාවිතයේදී වන හානියි. විශේෂයෙන් අප ගෙබිම මත ඇවිදින සහ ගෘහභාණ්ඩ තබන නිසා සීරීම් වලට ඔරොත්තුදීම වැදගත් සාධකයකි. එමෙන්ම නිතර පෑගෙන ස්ථාන ඉක්මණින් ගෙවීයාම දැව ගෙබිම්හි අප දකින බහුල ගැටලුවක් වේ. එහෙයින් ගෙවීයාම් වලට ඔරොත්තුදීමේ හැකියාවද සැලකිය යුතුය.

ගෙබිම මත බොහෝ විට ජලය හා ද්‍රාවණ වැටීම සුලභ දෙයකි. මෙවැනි අවස්ථාවක ඒ මත ඇවිදින කෙනෙකු ලිස්සා යාම අවම විය යුතුය. මේ සම්භන්ධයෙන් වන පිලිගතහැකි තත්ත්ව අනුමැතියන් සහ සහතිකයන් ලබා ඇති නිෂ්පාදනයක් භාවිතය වැදගත් වේ.

ඇතුලත ස්ථානයක් වන හෙයින් පිරිසිදුකිරීම වැදගත් කාරණයකි. මෙහිදී ජලය හෝ සේදුම්කාරක යොදා සේදීමට හෝ මොප් කිරීමට හැකි ආලේපනයක් වීම අත්‍යාවශ්‍යවේ. බොහෝ ගෙබිම් ආලේපනයන් ජලය වැටුනු විට පැල්ලම් සහ අවපැහැගැන්වීම් ඇතිවනු අප දැක ඇත්තෙමු. එමෙන්ම කෝපි, වයින් හෝ වෙනත් දේ වැටුනු විට පැල්ලම් ඇතිවීමද ගැටලුවකි. මේ තත්ත්වයන්ට ලක් නොවන ආලේපනයක් තෝරාගතයුතුය. එමෙන්ම කුණු දූවිලි විකර්ශණය කිරීමද හොඳ ගෙබිම් ආලේපනයක ලක්ෂණයක් වේ.  

මේ කරුණුවලට අමතරව ඉතා වැදගත්කොට සැලකිය යුතු කරුණක් වන්නේ ආලේපනයෙහි සෞඛ්‍යාරක්ෂිත බවයි. අවම අනුමත VOC මට්ටමක් සහිත හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ආලේපනයක් තෝරාගැනීමට සැලකිලිමත් වන්න. මෙහිදී රසායනික කිහිපයක් මිශ්‍රකර වැඩබිමේදී සාදාගන්නා ආලේපන අනෙක්වාට වඩා සෞඛ්‍යයට හානිකර වීමේ හැකියාව වැඩිය. කෙලින්ම ආලේප කලහැකි සැර ගඳක් නොමැති යුරෝපයේ නිශ්පාදනය කල ආලේපනයක් නම් එහි අනුමත රසායනික පමණක් අඩංගු සෞඛ්‍යාරක්ෂිත බව ඉහල නිෂ්පාදනයක් වන බව අපගේ අත්දැකීමයි.

වෙලඳපොලෙහි ඔබට ලබාගතහැකි ආලේපන සලකන කල බොහෝ නිෂ්පාදන මැට්, සෙමිග්ලොස්, හයිග්ලොස් ලෙස විවිධ ග්ලොස් මට්ටම් වලින් ඔබගේ අභිමතය පරිදි තෝරාගත හැකිය.

ගෝරි 81 (GORI 81 High Traffic Floor Finish) යනු මේ සියලු සාධක වලින් සපිරි ඩෙන්මාර්කයේ නිෂ්පාදිත උසස්ම තත්ත්වයේ දැව ගෙබිම් සඳහාම නිපදවුනු ආලේපනයකි.

Article 9 - ඩෙක් එකෙහි දැව පරම්පරා ගණනක් රැකගනිමුද?