දොර ජනෙල් වල ආරක්ෂාව බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති නිසා EN 927 තත්ත්ව සම්මතයට අනුව දොර ජනෙල් වල ආරක්ෂාව සඳහා නිවැරදි දැව ආරක්ෂණයක් තෝරා ගැනීම ගැන අපි මේ ලිපියෙන් තවදුරටත් සාකච්චා කරමු.මෙහිදී මතක් කල යුතු කරුණක් වන්නේ EN 927 මඟින් දැව ආලේපනය පිලිබඳ පමණක් සලකන බවත් දැව තෝරා ගැනීම හෝ දැව වල තත්ත්වය ඊට පෙර ඔබ විසින් සලකා බැලිය යුතු බවයි. දොර, ජනෙල් සඳහා යෙදිය හැකි ගැලපෙන සුදුසු දැව වර්ගයක් තෝරා ගැනීම, යොදා ගන්නා දැව අරටුව වැඩි වශයෙන් ඇති හොඳ දැව වීම, දොර, ජනෙල් සෑදීමට පෙර දැව හොඳින් වියලී හෝ පදම් කර තිබීම අත්‍යාවශ්‍ය වේ.EN 927න් අවධානය යොමු කෙරෙන ප්‍රධාන සාධක අතර යෙදවුමෙහි ස්ථායීතාවය අනුව කෙරෙන වර්ගීකරණයට අනුව දොර ජනෙල් ගැනෙන්නේ “Stable” කාණ්ඩයටයි. එමෙන්ම ආවරණය මත වන අවදානම සැලකූ විට දොර ජනෙල් බොහෝ විට අර්ධ වශයෙන් ආවරණය වී ඇති (partly sheltered) ගණයට ගත හැකිය. මේ සඳහා ලකුණු 2ක් අවදානම් ගණනය සඳහා එකතුවේ. අප මේ කතා කරන්නේ පිටත දොර ජනෙල් පිලිබඳව බව සලකන්න. ඇතුලත දොර සඳහා ස්වාභාවික හානි වීම අවම වන අතර එය EN 927 යටතට අයත් නොවේ.ආනතිය සැලකු විට දොර ජනෙල් සිරස්ව(vertical) පිහිටන නිසා ඒ සඳහා ලකුණු 1ක් හිමිවේ.දොර ජනෙල් හානිවීමේ අවදානම සඳහා සැළකිය යුතු ප්‍රධානතම කරුණ වන්නේ මුහුණලා ඇති දිශාවයි. මේ සමඟ ඇති රූපයෙන් දැක්වෙන පරිදි දිශාවට අදාල ලකුණු එකතු කර ගත යුතුය. මෙහිදී බටහිර සහ දකුනු දිශා සඳහා ලකුණු 3ක්ද, නැගෙනහිර සහ වයඹ දිශා සඳහා ලකුණු 2ක්ද, උතුරට ලකුණු 1ක්ද දක්වා ඇත.
මෙම ගණනය කිරීමට අනුව බටහිර දිශාවට පිහිටා ඇති දොරකට ලකුණු 6ක් ලැබෙන අතර වහලය උස්ව පිහිටියේනම් එය ලකුණු 7ක් වේ. මෙය ඉතා අවදානම් ඉක්මණින් හානි විය හැකි අවස්ථාවකි. නැගෙනහිර දිශාව වන විට මෙය මධ්‍ය අවදානම් අවස්ථාවක් වෙයි.මෙවැනි තත්ත්ව යටතේ ඇති දැව යෙදවුමකට EN 927 මඟින් නිර්දේශ කරන පිරිවිතරයන් පහත පරිදි වේ. මෙහි එන තාක්ෂණික වචන සිංහලට පෙරලීමේදී දෝශ ඇතිවිය හැකි නිසා ඒවා ඉංග්‍රීසි භාෂාවෙන්ම දක්වා ඇත.EN 927-5, water absorption value (ජලය උරාගැනීම) : 30 g/m2 to 175 g/m2Blistering : 0.3Cracking : 0.7Flaking : 0.3Adhesion : 1Build/Coating Thickness : mean thickness greater than 60 µmසරලව ගත හොත් ඔබ දොර ජනෙල් සඳහා තෝරාගන්නා දැව ආරක්ෂණ ආලේපනයට EN 927 ට අනුකූලව “Stable” කාණ්ඩය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිලිගත් ජාත්‍යන්තර විද්‍යාගාරයක් විසින් පරීක්ෂා කර සහතික කර තිබීම මඟින් එය නිවැරදි විසඳුම බවට සැලකිය හැකිය. එමෙන්ම එම ආලේපනය නිෂ්පාදකයා විසින් දක්වා ඇති උපදෙස් පරිදි නිවැරදිව ආලේප කිරීමටද වග බලා ගන්න.ගෝරි 99 යනු EN 927 තත්ත්ව සම්මතයට අනුකූල බවට සහතික ලත් “Stable” කාණ්ඩය සඳහා නිර්දේශිත දැව ආරක්ෂණ ආලේපනයකි. ගෝරි 99 කෝට් 2ක් පමණක් ආලේපයෙන් ඔබට ඔබේ දොර ජනෙල් සඳහා ඉහලම ආරක්ෂාව ලබාගත හැකිය.වැඩිදුර තොරතුරු සහ ඇණවුම් කිරීමට 076 826 6031න් අපට කතා කරන්න.